Tuesday, September 24, 2024

General line - 0115112241

විද්‍යා දැරියගේ ඝාතකයාට පලායාමට සහය දුන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්




යාපනය විද්‍යා දැරියගේ ඝාතකයන්ට පලායාමට අනුබල දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය අත්හිටවූ බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. 

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැණුනේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂි මූලික කර ගනිමින්. 

ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නමැත්තාට පලායාම සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ උපදෙස් පරිදි අදාළ උප පොලිස් පරීක්ෂකවරයා සැකකරුට උපකාර කර ඇති බවයි අධිකරණයේදී අනාවරණ වුණේ.