Tuesday, September 24, 2024

General line - 0115112241

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ධුරය වෙනස් වෙයි ?




බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.පී.ජී වික‍්‍රමසිංහ වෙනුවට වෙනත් අයෙකු පත්කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

බන්ධනාගාර ආරංචි පැවසුවේ නව ලේකම්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්.පී.ජී වික‍්‍රමසිංහද දැනුවත් කර නොමැති බවයි. 

ඔහුට ස්ථාන මාරුවක්ද ලබාදී නැහැ. මීට පෙර ලේකම් ධුරයේ කටයුතු කළ වී. ශිවඥානසෝතිද එම අමාත්‍යාංශයෙන් ස්ථාන මාරුවක් ලබාගත්තා. 

ඒ දේශපාලන බලපෑම් මත සිය රාජකාරී කටයුතු සිදු කිරීමට නොහැකි බව පවසමින්.