Tuesday, September 24, 2024

General line - 0115112241

මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද - ශ්‍රී ලංකාවේ සිටත් බලන්න පුළුවන්




මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය දැක බලා ගැනීමේ අවස්ථාවක් අද (07) රාත‍්‍රියේ ශ‍්‍රී ලාංකිකයන්ට උදා වනවා.

ඒ අනුව අද රාත්‍රි 10.53 සිට පැය එකයි විනාඩි 55 ක් පමණ මෙය දර්ශනය වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ. චන්ද්‍රයාගෙන් සියයට 25 ක් පමණ වැසී යනු ඇති බවද පැවසුවා.

අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ලෙස මෙය ශ‍්‍රී ලංකාවට ද දර්ශනය වන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරන්ත නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ශ‍්‍රී ලංකාවට යළිත් පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් දිස්වන්නේ ලබන වසරේ ජනවාරී 31 වැනිදා බවද ඔහු මෙහිදී කියා සිටියා.

මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණයෙන් අනතුරුව ලබන 21 වැනිදා සූර්යග‍්‍රහණයක් සිදුවන බවයි මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.

කෙසේ වෙතත් එය ශ‍්‍රී ලංකාවට දිස් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.