Saturday, July 27, 2024

General line - 0115112241

විදුලි කණුවක වෑන් රථයක් ගැටීමෙන් තිදෙනෙකුට තුවාල - දැඩි රථ වාහන තදබදයකුත් ඇති වෙයි




කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර මාපුර ප්‍රදේශයේ දී වෑන් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටීමෙන් අද (13) පස්වරුවේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබෙනවා. 

සිද්ධියෙන් කාන්තාවක් හා ගැහැණු ළමයින් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඔවුන්ව ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.