Saturday, October 19, 2024

General line - 0115112241

යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම්වලින් පොරොන්දුවක්




තාවකාලිකව වසා දැමුණු යාපනය විශ්වවිද්‍යාලය කඩිනමින් යළි විවෘත කිරීමට අද (19) පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වී තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත් වුණේ යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදීයි.

එම සාකච්ඡාව පැවැත්වුණේ ඩී.එම් ස්වාමිනාදන් හා අනුර ප‍්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේද සහභාගීත්වයෙන්. තවද මේ සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී මහාචාර්ය වසන්ති අර්සරත්නම් මහත්මිය, විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය සහ විශ්වවිද්‍යාලයේ සිංහල දෙමළ ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන්ද එක්ව සිටියා.

එහිදී විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළ බවයි කරුණාරත්න පරණවිතාන මහතා පැවසුවේ.

ලබන බ‍්‍රහස්පතින්දා සිට පීඨ මට්ටමින් විශ්වවිද්‍යාලය විවෘත කිරීමට එහිදී අවධානය යොමු වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලය තුළ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් සඳහන් කළා.

ඇතිවූ සිද්ධිය පිළිබදව සියලු දෙනාම මේ වනවිට කණගාටු වන බවත් යළි මෙවැනි සිද්ධීන් ඇති නොවීමට වග බලා ගන්නා බවට ශිෂ්‍ය සංගම් සහතික වූ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසුවා.

 

 

Campus 01 Campus 02 Campus 0320160719_130542 20160719_144318(0)