Friday, May 10, 2024

General line - 0115112241

හෙට තරගයේ ජය විශ්වාසයි! අටසියවැනි තරගය ගැන උපුල් කියන කතාව




හෙට තරගයේ ජයග‍්‍රහණය පිළිබඳ තමාට විශ්වාස බව ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග පවසනවා. තරගයට සාර්ථකව මුහුණ දීමට සියලූ ක‍්‍රීඩකයින් වගකීමෙන් හා කැපවීමෙන් ක‍්‍රීඩා කරනු ඇති බවයි ඔහු පැවසුවේ. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණාය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කිසිදු ක‍්‍රීඩකයෙකු තරග පරාජය වීමට අකමැති බවත් සියලූ දෙනා ක‍්‍රීඩා කරන්නේ ජයග‍්‍රහණයට බවත් උපුල් තරංග දඹුල්ලේ සිද්ධිය පාදක කර ගනිමින් එහිදී පැවසුවා.

ඉන්දියාව සමග හෙට පැවැත්වෙන තරගය ශ‍්‍රී ලංකාව සහභාගී වන අටසිය වන ජාත්‍යන්තර එක්දින තරගයයි.