Saturday, July 27, 2024

General line - 0115112241

"රාජගිරිය ගුවන් පාලම අවදානමේ ..තීරුවක් ඉවතට පැනලා " - නිදහස් පක්ෂ සංවිධායක පෙන්නයි




රාජගිරිය මංසන්දියට ඉහළින් ඉදිකෙරෙන ගුවන් පාළමේ පළමු අදියර තුළ ඉතා අවදානම් තත්ත්වයක් ඇතිව තිබෙන බවට චෝදනා එල්ල වෙනවා.

එහි එක් ස්ථානයක ඇති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වාට ද තමන් පැමිණිළි කිරීමට අමතනු ලැබුව ද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකිවූ බව කෝට්ටේ සංවර්ධන කමිටුවේ සම සභාපති සහ කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා පෙන්වා දෙනවා.

ඊයේ (27) රාත්‍රී මෙම ස්ථානයේ නිරීක්ෂණයට පැමිණි තමන්ට ගුවන් පාලමේ කොටා පාර සහ නාවල මාර්ගය සම්බන්ධ වන ස්ථානයේ පාලමේ කොටසක් ඉවතට පැන තිබෙනු දක්නට ලැබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවදානය යොමු කරවන බවද කෝට්ටේ සංවර්ධන කමිටුවේ සම සභාපති සහ කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා සඳහන් කළා.


පළමු අදියර යටතේ ඉදිකෙරෙන්නේ මෙහි එක් මන්තීරුවක් පමණයි. එය ද්විත්ව මංතීරුවක්. 

අනෙක් මංතීරුව සකස් කිරීම ආරම්භ කෙරෙන්නේ පළමු මංතීරු ද්විත්වය ජනතා අයිතියට පත්කිරීමෙන් පසුවයි. 

රාජගිරිය මාර්ග අංක 177 කඩුවෙල ප්‍රධාන මාර්ගය සහ බුත්ගමුව මාර්ග එකිනෙක යා කෙරෙන HSBC ගොඩනැගිල්ල ස්ථානය ගුවන් මාර්ගයේ එක් අන්තයක් වනවා. ගුවන් මාර්ගයේ අනෙක් කෙළවර ජනාධිපති විද්‍යාලය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත හැරෙන මංසන්ධිය දක්වා මාර්ග අංක 177ට ඉහලින් ඉදිවෙනු ඇති. ගුවන් මාර්ගයේ සම්පූර්ණ දිග මීටර 558ක් වනවා.


රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් 2016-08-30දින  ආරම්භ වුණා.