Monday, April 29, 2024

General line - 0115112241

සීගිරියට එන සංචාරකයන්ට නව ආරක්ෂණ ක‍්‍රමයක් (PHOTO)

අශෝක එරමිනිගම්මන - දඹුල්ල




සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදේස් සංචාරකයන් බඹර ප‍්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා නව ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. 

ඒ, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පරිසර අමාත්‍යංශය එක්වයි. 

ඒ අනුව, සිංහ පාදය ආසන්නයේ යකඩ බට සිටුවා කොහු ලණුවලින් සැකසූ දිගැති පැදුරක් එල්ලා තිබෙනවා. 

බඹර කලාපය සහ සංචාරක කලාපය වෙන් කිරීම මෙහි අරමුණයි. ඒ සඳහා විශේෂිත ශාඛ වර්ගයක්ද යොදා ගැණෙනු ඇති.