Saturday, May 4, 2024

General line - 0115112241

හුන්ඩායි ස්ටාර් අතුරුගිරියේ මහේෂ්




හුන්ඩායි ලංකා සමාගම විසින් සංවිධාන කරන ලද ප‍්‍රවර්ධන තරගයක ජයග‍්‍රාහකයා සඳහා හුන්ඩායි වර්ගයේ මෝටර් රථයක් පිරිනැමීම ඊයේ සිදු කෙරුණා. හුන්ඩායි ලංකා සමාගමේ විකුණුම් හා අලෙවි ප‍්‍රධානී තරංගා විතානගේ පැවසුවේ සමාජජාල වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ මෙම තරගය සංවිධාන කෙරුණු බවයි. අතුරුගිරියේ මහේෂ් රන්දෙණිය එහි ජයග‍්‍රාහකයා වුණා. 

මෙම තරගය සඳහා ලැබුණු ඉහළ ප‍්‍රතිචාර සැලකිල්ලට ගෙන ඉදිරියේ දී තවත් ප‍්‍රවර්ධන සංවිධාන කිරීමට ද කටයුතු කරන බව හුන්ඩායි ලංකා සමාගම කියා සිටියා.