Friday, May 3, 2024

General line - 0115112241

චීන ඉන්දීය නායකයින් අතර හමුවක්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා චීන ජනාධිපති සී ජිං පිං අතර හමුවක් පැවතුණා.

චීනයේ පුජියාන් නුවර දී මෙම හමුව සිදුව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මෙම හමුවේ දී ඉන්දියාව හා චීනය අතර පවතින බල අර්බුදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ බව වාර්තා වනවා.

නායකයින් දෙපල මෙහිදී පැය 4ක සාකච්ඡාවක නිරත වු බව සදහන්.

බ්‍රසීලය, චීනය, රුසියාව, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව සහභාගි වන 9 වැනි බ්‍රික්ස් සමුළුව ඊයේ චීනයේ පුජියාන් නුවර දී ආරම්භ කෙරුණා.

ඊට සහභාගී වීමට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමුළුව අතරවාරයේ දී චීන ජනාධිපතිවරයා හමුව ඇති බවයි වාර්තා වුණේ.