Thursday, September 19, 2024

General line - 0115112241

උතුරු කොරියාව ජපානයට ඉහළින් තවත් මිසයිලයක් අත්හදා බලයි!




උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. ඒ, ජපානය දෙසටයි. ඒ බව ජපානය මෙන්ම දකුණු කොරියාවද තහවුරු කර තිබෙනවා. මෙම මිසයිලයට කිලෝමීටර් 3,700 ක දුරක් ගමන් කළ හැකි බවටයි පැවසෙන්නේ. 

මීට පෙරද උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් අත්හදා බැලූවා. එය තම රටට පෙර නොවූ විරූ තර්ජනයක් බවයි ජපානය පැවසුවේ. එම මිසයිල අත්හදා බැලීමෙන් දින කිහිපයකට පසු උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තා.