Monday, May 6, 2024

General line - 0115112241

සංහිඳියාව ගැන කතා කරන්නට හුසේන් ජනපතිට ආරාධනා කරයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා  ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් අතර හමුවක් පැවැත්වීමට නියමිත බව මානව හිමිකම් කවුන්සිලය පවසනවා.

ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් නිල ආරාධනවක් සිදුකර ඇති බවද සඳහන්.

මෙම හමුව ලබන සිකුරාදා (22)  පැවත්වීමට සංවිධානය කර ඇති බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්ගේ ප්‍රකාශක පවසන්නේ.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි විශේෂිත ස්ථානයක මෙම හමුව සිදුවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩසටහන ප්‍රමාද වී ඇති බවට ජගත් මානව හිමිකම් කොමරිස්වරයා පසුගියදා චෝදනා කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරිමට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා අපේක්ෂා කරන බවයි ඔහුගේ ප්‍රකාශක කියා සිටියේ.