Monday, May 6, 2024

General line - 0115112241

සාමනේර හිමිනම අතුරුදන් - කහ සිවුරක් කොටු පවුරේ




විහාරස්ථානයක සිටි වයස අවුරුදු 13 ක සාමනේර හිමිනමක් ඉකුත් 13 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ගාල්ල, පෝද්දල, හිරඹුර ප‍්‍රදේශයේ විහාරස්ථානයක මෙම සාමනේර හිමිනම වැඩවාසය කර තිබෙනවා.

පැමිණිල්ල සිදුකරනු ලැබ ඇත්තේ විහාරාධිපති හිමියන් සහ විහාරස්ථ දායක සභාව විසින්. එහි දැක්වෙන්නේ දින 8 ක් තිස්සේ සාමනේර හිමිනම පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි. 

මේ අතරතුර අද (19) දහවල් ගාල්ල, කොටුපවුර තුළ තිබී කහ සිවුරක් සොයාගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

අතුරුදන් වූ හිමිනම සහ සොයාගත් කහ සිවුර අතර කිසියම් සම්බන්ධයක් ඇත්දැයි සොයා පරීක්‍ෂණ සිදුකරන බවයි පොලීසිය කියාසිටියේ. 

එමෙන්ම මෙම සාමනේර හිමිනමගේ මව මීට දින කිහිපයකට පෙර විදෙස් රටක සිට මෙරටට පැමිණ ඇති බවද තොරතුරු වාර්තා වී තිබෙනවා. ඇය විසින් සාමනේර හිමිනම රැගෙන ගියා දැයි පොලීසිය සැක පළ කරනවා.