Saturday, October 19, 2024

General line - 0115112241

යාපනය ශිෂ්‍ය සංගම් නායකයා අධිකරණයට භාරවෙයි




යාපනය විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයා අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

එහිදී ටි.සිසිදරන් නැමැති එම සිසුවා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

එම සිසුවා අධිකරණය වෙත බාර වුණේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා හරහායි.

යාපනය විශ්ව විද්‍යාලීය සිසු ගැටුමට සිසිදරන් සිසුවා සම්බන්ධ වූ බවට පොලිසිය සිදුකළ විමර්ශනයන්ගෙන් අනාවරණය වි තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Image00001 Image00002 Image00003 Image00004 Image00005