Friday, October 18, 2024

General line - 0115112241

පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයින් බැලීමට ස්විස්ටර්ලන්ත නියෝජිත පිරිසක් උතුරුට




පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින්ගේ වර්තමාන තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් ස්විස්ටර්ලන්තයේ රාජ්‍ය නියෝජිතයින් පිරිසක් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.

එම පිරිසගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබ සොයා බැලීම මෙම නියෝජිත පිරිසේ අරමුණ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම නියෝජිත පිරිස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි සම විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිඛෙනවා.

ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම නියෝජිත කණ්ඩායමට ඇතුළත්.