Friday, October 18, 2024

General line - 0115112241

"ඒකාබද්ධයට රිදෙන පිළිතුරක් ලැබුණා"




ආණ්ඩුවට තුනෙන් දෙකක් නොමැති බවට චෝදනා කරන ඒකාබද්ධ විපක්ෂයට ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී රිදෙන පිළිතුරක් ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීම පිළිබඳ අදහස් දක්වමින්. 

"දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ආණ්ඩුවට ඡන්ද 154යි ඒකාබද්ධ කල්ලියට ඡන්ද 44යි. ඒක තුන්වන වර කියවීමේදී 37 වෙනකම් අඩු වුණා."

ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව කියූ ආණ්ඩුවේ පිරිස් දැන් සිටින්නේ කොහේදැයි ඔහු මෙහිදී ප‍්‍රශ්න කළා.  මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල වදුරඹ ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින්.