Friday, October 18, 2024

General line - 0115112241

මහා සංඝරත්නය අවමන් කිරිම වැළැක්වීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ජනාධිපතිට තැපැල්පත්




මහා සංඝරත්නයට අවමන් වන අයුරින් ඇතැම් මැති ඇමතිවරුන් සිදු කරන ප්‍රකාශ හා කටයුතුවලට විරෝධය පළ කරමින් ගිනිගත්හේන ප්‍රදේශයේ දී අද (25) විරෝධතාවක් පැවත්වුණා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගිනිගත්හේන බස් නැවතුම්පොළ ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබු බවයි.

ඊට දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටින බව ද සඳහන්.

මහා සංඝරත්නයට සිදු කරන අපහාස කිරීම් හේතුවෙන් බෞද්ධ දර්ශනය ද අවමානයට ලක්වන බවයි විරෝධතාකරුවන් මෙහිදී කියා සිටියේ.

මෙම තත්ත්වය නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත තැපැල්පත් යොමු කිරීමක් ද මෙහිදී සිදු කෙරුණා.