Friday, October 18, 2024

General line - 0115112241

රයන් ජයලත්ගේ ඇප අයදුම්පත අද කැඳවයි




දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැවුම්කරු රයන් ජයලත් විසින් ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත කොළඹ මහාධිකරණයේදී අද (25) කැවනු ලැබුවා.

මෙම ඇප අයදුම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන මස දෙවනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයාට, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානධිපතිවරයාට සහ මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට එහිදී නියෝග කෙරුණා.

රයන් ජයලත් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ උද්ඝෝෂණයක් අතරවාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපලවලට හානි කළ බවට වන චෝදනාවක් යටතේයි.