Saturday, July 27, 2024

General line - 0115112241

ගැටළු විසඳන්න...නැතිනම් වැඩ වරදි




මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව අක්‍රමවත් හා දේශපාලන ගැති පශ්චාත් සීමා වාසික පත්වීම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවට චෝදනා කරනවා.

අද (02) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබ අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ දේශපාලන මැදිහත්වීම මත වෛද්‍ය නිලධාරින් හෑල්ලුවට ලක්කර ඇති බවයි.

ස්ථාන මාරු හා පත්වීම් ලැයිස්තු සෞඛ්‍ය අමාත්‍යංශ නිල වෙබ් අඩවියේ ප්‍රකාශ කළ යුතු බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් කියා සිටියේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා අත්සන් තබා සකස් කර දුන්  ලැයිස්තුව ෆෙස්බුක් සමාජ ජාල අඩවියේ මුලින් පල වූ බවයි.

අදළා ගැටළුව විසඳීමට කඩිනම් පියවරක් නොගතහොත් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.