Saturday, July 27, 2024

General line - 0115112241

"ඉදිරි මැතිවරණයට 'බෝට්ටුවෙන්' එනවා"




ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන්  යුතුව දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය තනිව තරග වැදීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයේ මහලේකම් පූපාලසිංගම් සුසාන්තන් පැවසුවේ මේ සම්බන්ධයෙන් යෝජනාව පක්ෂ මධ්‍යම කාරක සභාවට යොමු කර ඇති බවයි.

මැතිවරණය සඳහා බෝට්ටුව ලකුණින් නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතනවලට පමණක් තරග වැදීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. 

සන්ධානගත වි තරග වැදීමට පක්ෂ කිහිපයකින්ම ආරාධනා ලැබුණද දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය එම ආරාධනා ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව, ත‍්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රික්කවල පිහිටි තෝරා ගත් පළාත් පාලන ආයතනවලට තරග කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ.