Saturday, October 19, 2024

General line - 0115112241

කටුනායකට තවත් ගුවන් පථයක්




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා තවත් ගුවන් පථයක් ඉදිකිරීමට අවධානය යොමු වී ඇතැයි ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංගම නාරාහේන්පිට කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය හමුවකදීයි. එහිදී, තිබෙන ගුවන් පතයට මීටර් 2000 ක් පමණ ඈතින් මෙම නව දෙවන ගුවන් පතය ඉදිරිකීමට සැළසුම් කර ඇති බවත් පැවසුවා. මේ වන විට ඒ සඳහා අවශ්‍ය ඉඩම් පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් සඳහන් කළා.

දැනට තිබෙන ගුවන් පථය ඉදිරියේදී නවීකරණය කරන බවද ඒ සඳහා කෙටිකාලයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා තැබීමට සිදුවනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.