කිසියම් පුද්ගලයෙකු බාල වයස්කාර දැරියක් විවාහ කරගෙන ඇය සමග ලිංගිකව හැසිරීම දූෂණයක් ලෙස සලකන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ඉන්දියාවේ ළමා විවාහ සම්බන්ධයෙන් ලබාදුන් ඓතිහාසික තීන්දුවක් බවයි.
සිය අභිමතයෙන් තොරව ලිංගිකව එක්වන්නේ නම් වසරක් ඇතුළත ස්වාමි පුරුෂයාට එරෙහිව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව බාලවයස්කාර මනාලියකට හිමි වනවා.