Saturday, October 19, 2024

General line - 0115112241

මහාමාර්ග උපදේශක කමකට හිමිනමක් දාල ලු




මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශක තනතුරක් සඳහා ස්වාමින්වහන්සේ නමක් පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (20) ප‍්‍රශ්නයක් නැගුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහත එහිදී විමසා සිටියේ මාර්ග ඵල ගැන දැන සිටියත් මහාමාර්ග කියා නොදැන සිටි බවයි. ගම්පොළ නුවර පාර, හාලිඇළ පුරාණ විහාරයේ වට්ටප්පල සීවලී හිමි නව කැළණි පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි.

මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ ඉදිරියේදී තමා ඒ සඳහා පිළිතුරක් ලබා දෙන ලෙසයි. පැවැති ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීද මහනුවර දිස්ත්‍රික්කය සිය පක්ෂය ජයග්‍රහණය කළ බවත් එහෙයින් ඒ අයට අවශ්‍ය අවස්ථා ලබා දීමේ වගකීමක් තමන්ට ඇති බවත් පැවසුවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශක පත්වීම් ලබාදීමේදී සලකා බැලූණු සුදුසුකම් සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. රුපියල් හැටපන්දහස බැගින් ආණ්ඩුවේ මුදල් දෙමින් සහ මැතිවරණවලට වැඩ කළ අයට උපදේශක තනතුරු ලබා දෙන්නේ නම් යහපාලන ආණ්ඩුවේ ප්‍රයෝජනය කුමක්දැයි යනුවෙන්ද ප්‍රශ්න කෙරුණා.