Sunday, May 5, 2024

General line - 0115112241

SLT Rainbow Pages වෙතින් ඉදියේදී ලොකු වෙනසක්




ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම වසර 160 ක් පුරා ශ‍්‍රී ලංකාවේ සන්නිවේදන අවශ්‍යතා සඳහා නිරතුරුවම පෙරමුණ ගත් පුරෝගාමී සන්නිවේදන සමාගම වනවා. 

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ අනුබද්ධ ආයතනයක් වන SLT Rainbow Pages ශ‍්‍රී ලංකාවේ සංවිධිත එකම දුරකථන නාමාවලිය ප‍්‍රකාශයට පත් කරමින් භාණ්ඩ හා සේවා පහසුව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් තොරතුරු ලබා දීමේ සේවාවන් ක‍්‍රියාත්මක කරන ප‍්‍රධානතම සන්නිවේදන ආයතනයයි.

මිලියන 1.5 කට වැඩි ශ‍්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර දුරකථන සහ ශ‍්‍රී ලංකාවේ ජනගහනය වන මිලියන 22 ඉක්මවූ ජංගම දුරකථන සබඳතාවන්ගෙන් අත්‍යවශ්‍ය දුරකථන අංක එකම නාමාවලියකට පළ කිරීමේ අනාගත අරමුණ කරා යන SLT Rainbow Pages ආයතනය,  මේ වන විට මුද්‍රිත නාමාවලිය අතික‍්‍රමණය කරමින් නවීන තාක්ෂණික මෙවලම් පසු කර ජංගම දුරකථන යෙදවුම් (app) ඇතුළු නවතම ඩිජිටල් ප‍්‍රවෙිශ ඔස්සේ තොරතුරු ලබා දීම ද මේ වන විට සිදු කරනවා. 

ශ‍්‍රී ලංකාවේ එකම ජාතික ව්‍යාපාරික නාමාවලිය ලෙස ව්‍යාපාර, රාජ්‍ය ආයතන සම්බන්ධ කරමින් සිදු කරන ජාතික මෙහෙවරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දායක කර ගැනීම සඳහා විවිධ ක්ෂේත‍්‍රගතව නාමාවලි පළ කිරීම ද SLT Rainbow Pages ආයතනය විසින් සිදු කරනු ඇති.

එතැනින් නොනැවතී දෛනික වැටුපට සේවා සපයන නිපුණතා සහිත වෘත්තිකයන් ද එක් කරමින් පුළුල් ජාතික මෙහෙවරකට මුල පිරීමට SLT Rainbow Pages ආයතනය නව ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.  

E - රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුව ඩිජිටල් අනාගතයක් වෙත පියවර ඔසවන ශ‍්‍රී ලාංකික රජයේ සන්නිවේදන ප‍්‍රතිපත්තියට දිරි දෙමින් දෛනික සේවාවන් සමඟ ආර්ථිකය ගොඩනගා ගන්නා වෘත්තිකයන් ඇතුළු දිවයින පුරා විහිදී සිටින සියලූම සේවා සපයන ආයතනවලට වැඩි ආදායමක් ලබා දීමට සහ සේවා අවශ්‍යතා ලබා ගැනීමේ පහසුව ඇති කිරීම ද මෙම වැඩපිලිවෙලේ අරමුණයි. 

ජලනල කාර්මිකයන්, විදුලි කාර්මිකයන් ඇතුළු විවිධාකාරයේ දෛනික දීමනා ලබාගෙන සේවා සපයන, සමාජයේ ප‍්‍රාථමික වෘත්තිකයන්ගේ සිට මහා පරිමාණයෙන් සේවා ලබා දෙන ආයතනවල තොරතුරු ද මෙම ව්‍යාපෘතිය යටතේ එක්රැස් කරනු ලැබෙනවා.  

උදාහරණයක් ලෙස, නිවසක හෝ ආයතනයක ජල කාන්දුවක් ඇති වූ විට ඔවුන් සිදු කළ යුතු වන්නේ හඳුන්වා දීමට නියමිත අංකයෙන් පැය 24 පුරා ක‍්‍රියාත්මක සේවාව හා සම්බන්ධ වීමයි.

ඉන් අනතුරුව ඔවුන්ගේ ප‍්‍රදේශයට ආසන්නතම ජලනල කාර්මිකයන්ගේ අංක කෙටි පණිවුඩයක් හරහා ක්ෂණිකවම ඔවුන් වෙත යොමු වීම මෙහිදී සිදු වෙනවා. එම අංක ඇමතීමෙන් ඉතා පහසුවෙන් හා විශ්වාසයෙන් ඔවුන්ට සේවාවන් ලබාගත හැකියි. 

මෙම දත්ත ලබා දීම සහ ඔවුන්ට ලැබෙන සේවා අවස්ථා සඳහා කිසිදු අය කිරීමක් සිදු නොකරන අතර තොරතුරු ලබා දීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකියි. 

ව්‍යාපාරයේ නම හෝ වෘත්තිකයාගේ නම, ව්‍යාපාරයේ ස්වභාවය, ලිපිනය සහ කෙටි පණිවුඩයක් යොමු කළ හැකි දුරකථන අංකයක් සඳහන් කර පහත සඳහන් එක් එක් මාධ්‍ය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතිනවා.