Sunday, January 26, 2025

General line - 0115112241

ලාස්‌ වේගාස්‌ ඝාතනයට ලක්වූ පුතුගේ මව කම්පනයට ලක්ව මරුට




ඇමරිකාවේ - ලාස්‌ වේගාස්‌ නුවර සමූල ඝාතනයට ගොදුරුවූ පොලිස්‌ නිලධාරි චාල්ස්‌ටන් හාර්ට්‌විල්ටිගේ මව සිය පුතුගේ වියෝව දරාගත නොහැකිව හෘදයාබාධයකට ලක්‌වීම නිසා මියගොස්‌ තිබෙනවා.

55 හැවිරිදි වියේ පසුවූ මව පුත්‍රයාගේ අවමඟුලින් දින දෙකකට පසු ජිවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්. 

ලාස්‌ වේගාස්‌ සමූල ඝාතනයට සිවිල් වැසියන් 58 ක්‌ ගොදුරු වුණා. 

මෙම අවමංඟුලට 2000 කට අධික පිරිසක්‌ එක්ව සිටියා.