Saturday, July 27, 2024

General line - 0115112241

ණය හමුවේ වුවද රට සංවර්ධනය කරනවා




දකුණු ආසියාවේ වෙනත් කිසිඳු රටක් ශ්‍රී ලංකාව මෙන් ණය බරින් පීඩාවට පත් නොවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා ආර්ථීක විද්‍යා සංගමයේ වාර්ෂික සම්මේලනයට අද (27)  පස්වරුවේ එක්වෙමින්.

කෙසේ හෝ ණය බර හමුවේ වුවද රට සංවර්ධනය කර තරුණ තරුණියන්ගේ අනාගතය සුබවාදී කිරිම අපේක්ෂාව බවයි අග්‍රමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුණා.