Friday, October 18, 2024

General line - 0115112241

බැඳුම්කර සිද්ධියට අදාළ හඬ පට කිහිපයක් නිකුත්වේ

කසුන් කැළුම්




ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ හඬ පට කිහිපයක් අද (01) කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී මුදාහැරුණා.

මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ දූෂණ විරෝධී හඬ සංවිධානයයි.

ප්‍රශ්නගත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, රාජ්‍ය බැංකු ණයදෙන අංශයේ ප්‍රධානියකු සමග කළ සංවාද ද එම හඩපටවල ඇතුළත්.

බැඳුම්කර ගනුදෙනුව සිදුවූ අවස්ථාවේ සහ ඉන්පසුව බැංකු පොලී අනුපාතිකය ඉහළ යාම දක්වා ඇති වූ තත්ත්වයන් පිළිබඳව මොවුන් දෙදෙනා අතර සාකච්ඡා වී ඇති බව මෙම හඩපටවලින් අනාවරණය වී ඇති බවයි දූෂණ විරෝධී හඩ සංවිධානය පැවසුවේ.