Friday, May 3, 2024

General line - 0115112241

රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක වූ හැටි

මාවනැල්ල - සමන් විජය බන්ඩාර




මාවනැල්ලේ බැංකු ආරක්ෂකුගේ රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහු බරපතළ තුවාල ලබා අද (10) රෝහල්ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසනවා.

වම් අතේ උඩ බාහුව සහ අත්ල ප්‍රදේශය මෙලෙස තුවාල ලබා ඇත්වතේ බැංකුව ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් රිපිටර් වර්ගයේ ගිනි අවිය ද අතැතිව එම යතුරු පැදිය ඉවත් කිරීමට යාමේදී බව පොලීසිය සඳහන් කළා.

මාවනැල්ල නගරයේ ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ආරක්ෂක සෙබලා ලෙස කටයුතු කළ මොහු දීවෙල, මැදගම පදිංචි  ජයසිංහ  නිමල් කරුණාතිලක නම් අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සිදුව ඇත්තේ පස්වරු 3.45 ට පමණ බව පොලිසිය කියයි.