Saturday, October 19, 2024

General line - 0115112241

මහින්ද – මෛත්‍රී පිල් නෑ




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ආසන සංවිධායකවරුන් හා අපේක්ෂකයන් තේරීමේදී මහින්ද පිල කියා හෝ මෛත්‍රී පිල කියා සලකා බැලීමක් සිදුනොකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

මතවාද දෙකක් තිබුණ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කණ්ඩායම් දෙක සමග සාකච්ඡා කිරීම සිදුකරන්නේ පක්ෂය ගැන සිතා බව අද (21)පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජාතික ආණ්ඩුවට සම්බන්ධ පිරිස් සමගින් සාකච්ඡා කරන විට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් විරෝධතා දැක්වුව ද ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමග ජනාධිපතිවරයා නිල නිවසේදී සාකච්ඡා කරන විට ආණ්ඩුවට  සම්බන්ධ පාර්ශ්වය විරෝධතා නොදක්වන බව අමාත්‍යවරයා සඳහන් කළා.