Saturday, October 19, 2024

General line - 0115112241

නීතිරීති ලිහිල් කළොත් ජනපතිගේ අනුමැතිය නෑ




දැනට කි‍්‍රයාත්මක රේගු පනත සහ යෝජිත නව රේගු පනත විධිමත් ලෙස විමර්ශනය කර සති 03 ක් ඇතුළත ඊට අදාළ පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ හා රේගු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග කරන සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

නීතිරීති ලිහිල්කර සිදු කරන කිසිදු පනත් සංශෝධනයකට තම එකඟතාව හිමි නොවන බවයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ.

එහිදී රේගු නිළධාරීන් පෙන්වා දුන්නේ නව පනතේ අන්තර්ගත බොහෝ කරුණු විදේශීය රටවලින් උකහා ගෙන ඇති බැවින් එය ශ‍්‍රී ලංකාවට නොගැලපෙන බවයි.