Saturday, October 19, 2024

General line - 0115112241

සංහිදියා බලකායෙන් ඩයස්පෝරාවට ඇරයුමක්




සංහිදියා යාන්ත‍්‍රණ පිළිබඳ කාර්ය සාධක බලකාය විසින් ඩයස්පෝරා සංවිධාන සඳහා ආරාධනයක් සිදුකරනු ලැබ තිබෙනවා. එ් සත්‍ය, වගවීම, නැවත සිදු නොවීම සහ හානි පූර්ණය සඳහා ව්‍යුහ, කි‍්‍රයාවලින්, ක‍්‍රම හඳුනා ගැනීමට ඉදිරිපත් කිරීම් සිදු කරන ලෙස ඇරයුම් කරමින්. සංහිදියාව පිළිබඳ ගනු ලබන පියවර 5ක්ද එහි සඳහන්. එ් පිළිබඳ ඩයස්පෝරා සංවිධානවල යෝජනා සහ එම පියවරයන් හි ව්‍යූහය සහ කි‍්‍රයාවලිය කෙසේ විය යුතු දැයි ඉදිරිපත් කිරීම් සිදු කරන ලෙසයි දන්වා ඇත්තේ.

විශේෂ නීති උපදේශකයෙකු සහිත අධිකරණ යාන්ත‍්‍රණයක් එහි පළමුවැන්න වනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් එහි දෙවැන්න ලෙසයි සඳහන් කර ඇත්තේ.

සත්‍ය, යුක්තිය, සංහිඳියාව සහ නැවත සිදුවීම වැළැක්වීම සඳහා කාර්යාලයක් එහි තුන්වැන්නයි. හානිපූර්ණ කාර්යාලයක්ද මෙමගින් දක්වා තිබෙනවා.

ශී‍්‍ර ලංකාව තුළ සංහිඳියාව නැංවීම සඳහා වෙනත් ඕනෑම යාන්ත‍්‍රණයක් හෝ ක‍්‍රමයක් ඉදිරිපත් කිරීමටයි මෙහිදී අවස්ථාව සලසා දී ඇත්තේ.

සිය ඉදිරිපත් කිරීම් සිදු කළ හැකි අවසන් දිනය ලෙස නම් කර ඇත්තේ ජූලි මස 28 වැනිදායි.

මෙම ඇරයුම් කිරීම සිදුකර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ සංහිදියා යාන්ත‍්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ සංහිදියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්යසාධක බලකාය විසින්. මෙම නිවේදනය ඩයස්පෝරා ඇතුළු සංවිධාන වෙත යොමුකර ඇත්තේ අමෙරිකාවේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයයි.

 

02

01 03

04