Friday, September 20, 2024

General line - 0115112241

කොකේන් තොගය ගැන පුළුල් පරීක්ෂණ




ශී‍්‍ර ලංකාවෙන් සොයා ගත් විශාලතම කොකේන් තොගය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම කොකේන් තොගය ඊයේ (21) සොයා ගැනුනේ පෑලියගොඩ පෞද්ගලික කන්ටේනර් පර්යන්තයේ ගබඩා කර තිබූ කන්ටේනරයක තිබීයදීයි.

පළමුව ප‍්‍රකාශ කෙරුණේ කොකේන් කිලෝග‍්‍රෑම් 274ක් සොයා ගැනුනු බවයි. එහෙත් පසුව කළ ගණනය කිරීම්වලදී එම ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 300ක් බව තහවුරු කර ගෙන තිබෙනවා. එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි හතලිස්පන්දහසක්. මෙම කොකේන් තොගය බ‍්‍රසීලයේ සිට පෘතුගාලය ඔස්සේ ශී‍්‍ර ලංකාවට ආනයනය කරන ලද සීනි තොගයක සඟවා තිබුණා.

මේ අතර එම පර්යන්තයේම ගබඩා කර ඇති සැක සහිත තවත් කන්ටේනරයක් පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.