Friday, October 18, 2024

General line - 0115112241

ප්‍රමිතියෙන් තොර තෙල් නැවක් ඇවිත්! ඕව බොරු කතා




ප‍්‍රමිතියෙන් තොර ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. පළමු සාම්පල් පරීක්‍ෂාවෙන් එම ඉන්ධන ප‍්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇති බවයි එම එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සිදුකරන මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහගෙන් විමසීමක් කළා. ඔහු එහිදී කියාසිටියේ වෘත්තීය සමිති සිදුකරන මෙම ප‍්‍රකාශය තමන් ප‍්‍රතික්‍ෂේප කරන බවයි.