Friday, October 18, 2024

General line - 0115112241

ශී‍්‍ර ලනිපය සහ ඒකාබද්ධ විපක්‍ෂය එක්වනවාට එරෙහි වූ දෙදෙනා මෙන්න




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් එක්වීමට විරුද්ධ වූ දෙදෙනෙකු පිළිබදව අමාත්‍ය දයාසිරි ජයසේකර අද අනාවරණයක් සිදුකළා. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

එම දෙදෙනා වන්නේ ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර පැවැත්වූ බව කියන දුරකතන සංවාදය පිළිබදව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.  මාධ්‍යවේදීන් මේ පිළිබද විමසා සිටියේ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන්.

එහෙිදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමා නොදන්නා බවය. නමුත් පක්ෂය එක් කිරීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපතිවරයා සූදානම් බව පවසා ඇතැයි ඔහු පැවසුවා. එමෙන්ම පක්ෂය එකමුතු කිරිම සඳහා පැවති සාකච්ඡා සඳහා තමාද සහභාගී වූ බව ඔහු කියා සිටියා.