ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ පැවසුවේ අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මෙම පරික්ෂණ කටයුතු සිදු කරන බවයි.
දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන ඇත්දළ සැබෑ ලෙසම දල පූට්ටුවාගේදැයි තහවුරු කරගැනීමට මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවයි ජාතික සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ.
අදාළ පරීක්ෂණයේ වාර්තාව සහ ඇත්දළ යුගලයේ වටිනාකම පිළිබඳ තක්සේරු දෙපාර්තමේන්තුව සිදු කරන තක්සේරු වාර්තාව ලබන 26 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.