Sunday, October 6, 2024

General line - 0115112241

අඩුකළ ඖෂධ වර්ග 48 ක මිළ සියයට 5 කින් යළි වැඩි කරලා




ඖෂධ වර්ග 48 ක මිළ යළි වැඩි කිරීමට හේතුවූයේ ඩොලරයට සාපේක්‍ෂව ලෝක වෙළදපොළේ ඖෂධ මිළ ඉහළයාම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 

, අනුව ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම හේතුවෙන් මීට පෙර අඩුකර තිබූ ඖෂධ වර්ග 48 ක මිළ සියයට 5 කින් වැඩි කිරීමට පියවර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ.

 

ඖෂධ ආනයනකරුවන්ගේ සහ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදුකළ අධ්‍යයනයකින් පසු මෙම ඖෂධ වර්ගවල මිළ වැඩි කෙරුණා.

 

ඖෂධ මිළ වැඩි කළ ගැසට් නිවේදනය වසරක කාලයක් බලපැවැත්වෙන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ.