Friday, October 25, 2024

General line - 0115112241

දළ පූට්ටුවා ඝාතනයට සැක ග්‍රාම නිලධාරීන්ට ඇප අහිමිවෙයි

උපාලි ආනන්ද




වෙඩි තබා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ බවට සැක කෙරෙන ගජ මුතු සන්තකව සිටියදී අත්අඩංගුවට ගත් ග‍්‍රාම නිලධාරීන් දෙදෙනා ඇප මත මුදා හැරීම අද යලිි ප‍්‍රතික්ෂේප කළා. ඒ අනුව, සැකකාර ග‍්‍රාම නිලධාරීන් දෙදෙනා ජනවාරි මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කරන ලෙසයි මහව, අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරච්චි නියෝග කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවයක් එදින අධිකරනයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කළා. 

මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පොල්පිතිගම ප‍්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ අංක 394 මකුල්පොත වසමේ ග‍්‍රාම නිලධාරී චමින්ද ආරියරත්න සහ අංක 388 වසමේ ග‍්‍රාම නිලධාරී ඉන්දික සේනාධිරයි.