Friday, October 25, 2024

General line - 0115112241

බිම්ස්ටෙක් ඇමති සමුළුව ජනපතිගේ මූලිකත්වයෙන් ඇරඹෙයි




බහු ආංශිත තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිලිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රීත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසි වාරයේ අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹ දී අද (20) ආරම්භ වුණා. ඒ,  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සමුළුව ඇමතූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ කලාපයේ දිළිඳුකම පිටුදකිමින් ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සඳහා ශක්තිමත් සහයෝගීතා වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බවයි. සමස්ත මානව සමාජයේ දිලිඳුබව පිටුදැකීම සඳහා සියලූ දෙනාගේ කැපවීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ලොව කිසිවෙකු කුසගින්නේ නොතැබීමට ලොව බලවතුන්ට ඇති වගකීම හා කැපවීමද මෙහිදී සිහිපත් කළා.

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය යන රටවල නියෝජිතයන් මෙම සමුළුවට එක්ව සිටිනවා.