Friday, October 25, 2024

General line - 0115112241

එඬේරමුල්ලේ "අක්බාර් ටවුන් එඬේරමුල්ල 2" වෙයි




මහර ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී වසම් 4ක් එකතු කර අක්බාර් ටවුන් ලෙස නම් කළ බල ප‍්‍රදේශය  එඬේරමුල්ල 2 ලෙස නම් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.  එඬේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද (20) සංදේශයක් භාර දීමට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම අවස්ථාවේදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය දුරකතනයෙන් ඇමතූ අමාත්‍යවරයා අදාළ කොට්ඨාසය  එඬේරමුල්ල 2 ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ පිලිබඳ සංශෝධනය කඩිනමින් ඉදිරිපත් කරන බවද ප‍්‍රකාශ කළා. මෙම බල ප‍්‍රදේශය අක්බාර් ටවුන් ලෙස නම් කිරීම තමා හෝ තම අමාත්‍යංශය මගින් ගත් තීරණයක් නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.