Friday, October 25, 2024

General line - 0115112241

මහ ඇමති එපා කියද්දී ගිය ඡන්ද පෙළපාලියක් නිසා විභාග මධ්‍යස්ථානයට බාධා!

හේමන්ත කහවලගේ / සමන්ත කුමාර




මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මහනුවර යටිනුවර වීදියේ අද (20) පැවති පෙළපාලියක් හේතුවෙන් මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයට බාධා එල්ල වුණා. මෙලෙස මැතිවරණ නීති උල්ලංගණය කරමින් පෙළපාලි ගොස් ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධා්නයේ ආධාරකරුවන් පිරිසක්. මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් ප‍්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන එම ආධාරකරුවන්ට පෙළපාලි නොයන ලෙස දැනුම් දුන්නද ඔවුන් එම උපදෙස් නොතකමින් කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් මහියංණය හසළක ප‍්‍රදේශයේ වෛද්‍යවරුන් පිරිසකට පහර දී තිබෙනවා. මේ හේතුවෙන් හසලක රෝහලේ වෛද්‍යවරුන් අද වැඩවර්ජනයකද නිරත වුණා.