Friday, October 25, 2024

General line - 0115112241

ආරක්ෂක සේවකයා යටකර ඩිෆෙන්ඩරය පලා යයි...මිරිහානේ පොලිසිය මළ සිරුරටත් වැඩ පෙන්නයි 




රාජගිරිය නාවල  ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ සිරුර ලබාදීමට පොලිසිය කටයුතු නොකිරීමේ පුවතක් මිරිහාන පොලිසියෙන් වාර්තා වනවා.

පසුගිය 15 වන දින නාවල ප්‍රදේශයේදී මෙම අනතුරට ලක්ව ඇත්තේ පුද්ගලික ආරක්ෂක සේවයක සිටින අයෙකු වන අතර ඔහුව අනතුරට කල් කළ ඩිෆෙන්ඩර් රථයක් බවට සැක කෙරෙන රථය පලාගොස් තිබුණා.

පසුව 119 අංකයට ලැබුණු ඇමතුමකට අනුව එහි පැමිණ ඇති මිරිහාන පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාව රෝහල්ගත කර ඇති අතර පසුව ඔහු මියගොස් තිබෙනවා.

ඔහුගේ සිරුර මේ  වන විටත් කළුබෝවිල රෝහලේ තබා ඇති අතර නෑදෑයන්ට ලබාදීම පොලිසිය විසින් උවමනාවෙන් මගහරින බවටයි චෝදනා එල්ල වන්නේ.