Friday, October 25, 2024

General line - 0115112241

ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුන්ටත් අමාරුයි




මෙවර අපොස සාපෙළ ගණිතය ප‍්‍රශ්න පත‍්‍රය සම්බන්ධයෙන් සිසුන්ට සාධාරණ විසඳුමක් ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රකාශයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. අද (20) පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප‍්‍රශ්න පත‍්‍රයේ ඇතැම් කොටස්වලට පිළිතුරු ලිවීම ගුරුවරුන්ට පවා අපහසු බවයි.

ගණිතය විෂයේ ගැටලූ සම්බන්ධයෙන් බලධාරීන් නිසි මැදිහත්වීමත් සිදු කළ යුතු බවද මෙහිදී ප‍්‍රකෘශ කෙරුණා.