Monday, October 21, 2024

General line - 0115112241

කයිවේලි කැළෑවේ මහ රෑ LTTE යේ රත්තරන් සොයා ගිය පිරිසට වැඩ වරදියි - කොළඹ අවට පිරිසකුත් ඉඳලා (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි කැලෑවේදී නිධන් වස්තු හා යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද බවට සැක කෙරෙන මුදල් හා රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ ගත් 11 දෙනෙකු ඊයේ (25) රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

පුදුකුඩිඉරිප්පු පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා.

එහිදී කයිවේලි කැලෑවේ නිධන් හා රන් සොයා පොළොව හාරමින් සිටි පිරිස එම අවස්ථාවේදීම අත්අඩංගුවට පත් වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය, කිලිනොච්චිය, මාතර, වැල්ලම්පිටිය, කොටහේන, මාකඳුර, කොට්ටාව, ගම්පොළ හා වැලිවේරිය යන ප්‍රදේශවල සිට පැමිණි 11 දෙනෙකු බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

අදාල ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානයට අයත් කඳවුරක් ද තිබූ හෙයින් රත්තරන් හා මුදල් වලදමා ඇති බවට වූ සැකය හේතුවෙන් අදාල පිරිස් විසින් අඩි 5 ක් පමණ වලක් කපමින් සිටින අතරතුර එකවරම පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලා තිබෙනවා.