ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කළ බවට චෝදනා ලබා සිටින සැකකරුවන් අට දෙනා ඉදිරිපත් කළ ඇප අයදුමක් මහව මහේස්ත්රාත් අධිකරණය අද (26) නැවත ප්රතික්ෂේප කළා.
ඒ, එම සැකකරුවන් ලබන ජනවාරි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරමින්.
දළ පූට්ටුවා ඝාතනයට යොදාගත් බව කියන ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ දළ පූට්ටුවාගෙන් ලබාගත් ශරීර කොටස් ඩී එන් ඒ පරීක්ෂණයක් සඳහා බොරැල්ල ජින්ටෙක් ආයතනයට භාර දෙන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.
සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ග්රාම නිලධාරීන් වනවා.