Monday, October 21, 2024

General line - 0115112241

තේ නෙළද්දී සිදුවූ දේ නිසා වතු කම්කරුවන් පිරිසක් රෝහලේ

රංජිත් රාජපක්ෂ - හැටන්




බගවත්තලාව, බොගවානා වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ වතු කම්කරුවන් 20 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අතරින් වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකු  සහ වතු කම්කරුවන් දෙදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද නෙත් නිවුස් වාර්තාකරු හන් කළා.