Monday, October 21, 2024

General line - 0115112241

ඇමරිකානු ඩොලර් මිලියන 292.1 මහ බැංකුවට

සමන්ත කුමාර




චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් සමාගමෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 292.1 මුදල සිය ගිණුමකට බැර වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) නිවේදනය කළා.

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම වෙනුවෙන් ලැබිය යුතු මුළු මුදලින් සියයට 30ක් වන එම මුදලට අදාළ චෙක් පත අදාළ සමාගමේ ප්‍රධානීන් විසින් පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන්නා.

එම මුදල ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් හන් කළේ.