Monday, October 21, 2024

General line - 0115112241

තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම නිකුත් කරන්නේ නෑ

හේමන්ත කහවලගේ /තරංග රුක්ෂාන් ජයසේකර




ඡන්ද අපේක්ෂාවෙන් සිදු කෙරෙන ඕනැම ආකාරයක භාණ්ඩ ඛෙදා හැරීමක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව මැතිවරණ කොමිසම අද (26) යළි අවධාරණය කරනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති සම්මන්ත්‍රණයකදී පිළිබමෙලෙස කරුණු පැහැදිලි කළා.

රජය මගින් සිදු කෙරෙන ඇතැම් භාණ්ඩ බෙදාහැරිම් හා අවසර ලබා දී ඇති ආකාරය මෙහිදී පැහැදිලි කෙරුණා.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ සියලූම ප්‍රචාරණ කටයුතු පෙබරවාරි මස 7වනදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම මෙවර තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම නිකුත් කිරීමක් සිදු නොවන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.