Monday, October 21, 2024

General line - 0115112241

අපි යන්නේ නෑ.. විපක්ෂයෙන් එනවා





ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් එළඹෙන ජනවාරි මාසයේදී ආණ්ඩුවෙන් ඉවත් වන බවට පලවල වාර්තා පිළිගත නොහැකි බව ග‍්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍ය පී හැරිසන් පවසනවා.


මාධයවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 


කෙසේ වෙතත් විපක්ෂයේ පිරිසක් ඉදිරි කාල සීමාවේදී ආණ්ඩුවට එක්වන බවයි අමාත්‍යවරයා එම ප‍්‍රශ්න කිරිම් හමුවේ ප‍්‍රකාශ කළේ.


මේ අතර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ  වාර්තාව නිකුත් වීමෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවයි ඒකාබද්ධ විපක්ෂය  අද (26)  පැවත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තුබ මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන  කියා සිටියේ.