Monday, October 21, 2024

General line - 0115112241

දීප ව්‍යාප්ත වැඩවර්ජනයක්  සූදානමක්




ලබන වසරේ ජනවාරි මාසයේදී දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ අමතර රාජකාරී දීමනා ඉහළ නැංවීම සඳහා වූ යෝජනා මෙතෙක් ක‍්‍රියාත්මක නොවීම ඇතුළු ගැටලූ කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි.

ජනවාරි මස මුල් දෙසතිය තුළ මෙම වර්ජනය ක‍්‍රියාත්මක වනු ඇති බවයි වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ වැඩිදුරටත් පැවසුවේ.