Monday, October 21, 2024

General line - 0115112241

සවුදියේ මිය ගිය කාන්තාවගේ සිරුර දිවයිනට




සවුදියේ  ගෘහ සේවයට ගොස් සිටියදී හදිසි අනතුරකින් මිය ගිය කැකිරාව කිතුල්හිටියාව ප‍්‍රදේශයේ කාන්තාවකගේ දේහය අද (26) ඇගයේ නිවස වෙත ගෙන එනු ලැබුවා.
ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන්. 
තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර 3ක පමණ කාලයක් සෞදියේ රෝහලක ප‍්‍රතිකාර ලැබු එම කාන්තාව මිය ගොස් ඇත්තේ මිට මාසයකට පමණ ඉහතදියි. 
මිය ගිය කාන්තාවගේ පුත‍්‍රයා කළ ඉල්ලිමක් සළකා බලමින් විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරලගේ මැදිහත් වීමෙන් දේහය මෙරටට ගෙන්වා තිබෙනවා.